දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
අදාළ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමට ද නියම කර තිබුණා.
ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් අද (29) කැඳවනු ලැබුවා.