අලි මිනිස් ගැටුම මැඩලීමේ අරමුණින් නිර්මාණය කර ඇති අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට අද (29) නියෝග කළා.
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා වනජීවී අමාත්‍යාංශය විසින් අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙම පෙත්සම අද. එච්.එම්.ඩී. නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ වෛද්‍ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ දැනට රට තුළ ඇති අලි අගල් පිළිබඳ කිසිදු තොරතුරක් තම සංවිධානය සතුව නොමැති බවයි.
ඒ අනුව අලි අගල්වල වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කළා.
ඉන් අනතුරුව පෙත්සම ලබන මාර්තු 27 වැනිදා කැඳවීමට නියෝග කළා.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ මෙම අලි අගල් කැපීමේ වැඩසටහනට මුවාවී මහා පරිමාණ වැලි ජාවාරමක් සිදුවන අතර අලි ඇතුන් බරපතළ අනතුරුවලට ලක්වීමේ තත්ත්වයද මතුව ඇති බවයි.
මෙමගින් දැවැන්ත පරිසර විනාශයක් සිදුවන බවත් එබැවින් ඊට අදාළ කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.
කෙසේ වෙතත් මෙම අලි අගල් කැපීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා.