ආරක්ෂක අංශ නොමග යවමින් ශ්‍රී ලංකාවේ සැඟවී සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මර්වින් ජානා හෙවත් බේකර් ජානා’ අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 26 වන දින බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 24/1/1, පළමු පටුමග, දේවාලමුල්ල පාර, දෙහිවල පාර, බොරලැස්ගමුව ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකර තිබුණි.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන ජාවාරම් සිදුකිරීම සඳහා මෝටර් රථයකින් යමින් සිටිය දී 45 හැවිරිදි අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි සැකකරුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බොරලස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.