හබරාදුව මිහිපන්න දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ (24) පෙරවරුවේ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ තල්පේ, මරදානගේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර පේරාදෙණිය රජවත්ත විශ්වවිද්‍යාල සමුපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසලදී පේරාදෙණියේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මහනුවර, ඕගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.