මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් කළ සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ගෝනෑව පණ්ඩුකපුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. වැලිසර, මීගමුව, මැදවච්චිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණවලින් ඔහුට එරෙහිව වරෙන්තු 12ක් නිකුත් කර ඇත.
මෙම පුද්ගලයා ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම, කල්ලන්චිය යන පොලිස් වසම්වල ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම්, ගෙවල් බිඳීම්, මංකොල්ලකෑම් සහ තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීම්වලට සම්බන්ධ බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජාඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.