ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අවශ්‍ය සියලුම නිලධාරීන්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ද්‍රව්‍ය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිසම පවසයි.
ඡන්ද මධ්‍යස්ථාන 48 ක ඡන්ද දායකයින් 55,643 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.
මේ අතර, ඡන්ද විමසීම හෙට (26) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන අතර අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම නිලධාරීන් යෙදවීමට නියමිත බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.