තමාට කළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ජනාධිපති අනුර දිසානායක ගොනු කළ නඩු විභාගය කල් තැබීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද කැදවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කියා සිටියේ තම සේවාදායකයා දැන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී සිටින බවයි.
ඒ අනුව මෙම නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 24 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
2017 වසරේ ඒකාබද්ධ විපක්ෂය තංගල්ලේදී පැවැත්වූ ජන හමුවකදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තම කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අනුර දිසානායක ජනාධිපතිවරයා මීට වසර කිහිපයකට පෙර මෙම නඩුව ගොනු තිබුණා.