By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට
අපරාධදේශීය

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

Last updated: October 24, 2024 3:34 pm
4 Min Read
Share

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිළි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජිත හේරත් මහතා,

“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා… ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා.”

“ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා.”

“තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා.”

“එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.”

“සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහය කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. ලබාගත් තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා.”

“විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය පැත්තෙන් ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග ඉතාමත් ශක්තිමත්ව අරගෙන තිබෙනවා. පෙරේදා සවස වනකොට විදේශ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරුත් සමග පෙරේදා රාත්‍රියේම ආරක්ෂක පියවරයන් තවත් ශක්තිමත් කළා.”

“ආරක්ෂක කවුන්සිලයෙන් අපි තීන්දු තීරණ ගණනාවක් ගත්තා. ත්‍රිවිධ හමුදාවත් විවිධ ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා.”

“මේ කාලසීමාවේ ඊශ්‍රායල් ජාතිකයෝ ලංකාවේ සංචාරකයෝ විදියට ඉන්නවා. මේ කාලය මැදපෙරදිග උණුසුම ඇතිවෙලා අවුරුද්දක් පිරෙන මාසයක්. ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයෝ ආගමික උත්සව පවත්වන කාලයක්. ඒ වෙනුවෙන් ඊශ්‍රායල ජාතිකයන් ලංකාවේ විවිධ ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා. ඒ තැන්වලට ඔවුන් එකතු වෙනවා. එවැනි ස්ථාන ඉලක්ක කරගෙන යම් තත්ත්වයක් ඇති කරන්න තමයි උත්සාහ කර තිබෙන්නේ.”

“ආරක්ෂක පියවර අපි රැගෙන තිබූ නිසා තොරතුර තහවුරු වන තෙක් ජනතාව දැනුවත් කිරීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.”

“අපි සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු ආකාරයකින් බියවීමක් අවශ්‍ය වන්නේ නැහැ.”

“අපි වගකිවයුතු රජයක් ලෙස ගතයුතු… ගතහැකි සියලු ආරක්ෂක පියවරක්ම මේ වෙනකොට අරගෙන තිබෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විවිධ කටකතාවලට රැවගෙන්න එපා කියලා. තව දින කිහිපයක් තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා.”

“එවිට විදෙස් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්ම නිවේදන ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත්වෙලා තිබෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා තමන්ගේ රටේ පුරවැසියන් සංචාර සඳහා මෙරටට එවන්න. සංචාරකයින්ගේ පැමිණීමේ නැවතීමක් සිදුවෙලා නැහැ. පැමිණිලා ඉන්න අයත් නිදහස්ව කටයුතු කරගෙන යනවා.”

“සැක පිට තමයි ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත්තේ. පරීක්ෂණ අවසන් වන තෙක් ඔවුන් ගැන හෙළිකිරීම සාධාරණ නැහැ. කල්ඇතිව මේවා කියන්න ගියොත් පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වෙයි. ඔවුන් සතුව කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී සොයාගෙන නැහැ.”

මේ අතර මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කුමණ ප්‍රදේශ ආශ්‍රිතව ද යන්නය.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගත් ප්‍රදේශ පිළිබඳව අනාවරණය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා කටයුතු නොකළේය.

TAGGED:Arugam bayAttack
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?