By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශ්‍රී ලංකාව ආසන්නයේ යක්ෂයින් ජීවත් වන දූපතක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ලෝක දැනුම > ශ්‍රී ලංකාව ආසන්නයේ යක්ෂයින් ජීවත් වන දූපතක්
ලෝක දැනුම

ශ්‍රී ලංකාව ආසන්නයේ යක්ෂයින් ජීවත් වන දූපතක්

Last updated: October 24, 2024 2:04 pm
5 Min Read
Share
sentinel

ඔබ දැනගෙන හිටිය ද ශ්‍රී ලංකාව ආසන්නයේ යක්ෂයින් ජීවත් වන දූපතක් තිබෙන බව ?

ධර්ම දූත සේවයේ යෙදුණු ඇමරිකානු ජාතික ජෝන් චෞ ධර්ම ප්‍රචාරණය සඳහා ඉන්දියානු සාගරයේ සෙන්ටිගල් දූපත වෙත ගිය ගමන මේ පිළිබඳ ව ලෝකයට අනාවරණය වුණ එක සිදුවීමක්. මේ දූපතට ගිය චෞගෙන් දින ගණනාවක් යන තුරුම කිසිම තොරතුරක් නොලැබීම නිසා ඉන්දියානු නාවික හමුදාව ඔහුගේ අතුරුදහන් වීම පිළිබඳ ව තොරතුරු විමර්ශනය කරන්න ගන්නවා. මේ විමර්ශනවල ප්‍රතිඵලයක් විදිහට ඔහු මේ දූපත තුළම ජීවිතයෙන් සමු අරන් බව ඉන්දියානු නාවික හමුදාව සොයා ගනු ලබනවා. එනම් ධර්ම දූත ජෝන් චෞ ඒ පය තබලා තිබුණේ ලෝකයේ දරුණුතම ගෝත්‍රයක් වාසය කරන sentinel දූපතට. මෙම ගෝත්‍රිකයින් විසින් ඔහුව කපා කොටා ඝාතනය කර වළදමන්නට ඇතැයි අනුමාන කරනවා. විශේෂිත ම කාරණය නම් , මොවුන් වසර 60000ක සිට බාහිර ලෝකයත් සමඟ කිසිදු සබඳතාවක් නොදක්වමින් හුදකලාවේ ජීවත් වන ගෝත්‍රිකයින් පිරිසක් වීමයි. බෞද්ධ ඉතිහාසයට අනුව වසර දහස් ගණනකට පෙර යක්ෂයින් පලවා හැරි ගිරි දූපතත් මෙය ම බවට මේ පිළිබඳ ව පල වී ඇති මත අතර පවතින්නක්.

දකුණු සෙන්ඩිනෙල් දූපත ඇතුළත් ඉන්දියානු දූපත් සමූහයක් වන මේ කියන උතුරු සෙන්ටිනල් දූපත අන්දමන් දූපත් වලින් එකක්. මේ දිවයින කිලෝමීටර් 8 (සැතපුම් 5.0) පමණ දිග සහ කිලෝමීටර 7 (සැතපුම් 4.3 ) පළල වන අතර එහි වර්ග ප්‍රමාණය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 60 (වර්ග සැතපුම් 23) ක් පමණ වනවා. ස්වේච්ඡාවෙන් හුදකලාව සිටින ස්වදේශික ගෝත්‍රයක් වන සෙන්ටිනලීස්ගේ නිවහන වන්නේ මේ දූපත. ඒ නිසා ම බාහිර ලෝකයෙන් ඔවුන්ගේ ආරක්ෂිත හුදකලා වීම ආරක්ෂා කිරීමට  ඉන්දියානු රජය මේ වන විට පියවර අරන් තියෙනවා. එනම්, අන්දමන් සහ නිකොබාර් දූපත් ආදිවාසී ගෝත්‍රික ආරක්ෂණ රෙගුලාසිය යටතේ මෙම දූපතට ගමන් කිරීම තහනම් කර ඇති අතර, ඉතිරිව සිටින 15-400ත් අතර වන ගෝත්‍රික ප්‍රජාව අඩු ප්‍රතිශක්තියක් සහිත නිසා  ඔවුන්ව බෝවන රෝගවලින් ආරක්ෂා කිරීම සඳහා දිවයිනට ගමන් කිරීම සහ නාවික සැතපුම් 5 (කි.මී. 9.3 ) ට වඩා ආසන්නයට  ප්‍රවේශ වීම ද ඉන්දියානු රජය විසින්  තහනම් කරලයි තියෙන්නේ. 

මේ තහනම නොතකා දිවයින වෙත  පැමිණි යාත්‍රාවලට බොහෝ අවස්ථාවල පහර දීම් සිදු වෙලා තියෙනවා. බෝට්ටුවලට වගේ ම පහත් හෙලිකොප්ටර්වලට ද ඊතල විදින ආකාරය නිරීක්ෂණය වී ඇති අතර එවැනි පහරදීම් තුවාල හා මරණයන්ට ද හේතු වෙලා තියෙනවා. 2006 දී, දූපත්වාසීන් විසින් බෝට්ටුවකින් වෙරළට ගසාගෙන ගිය ධීවරයින් දෙදෙනෙකු මරා දැමූ අතර, 2018 දී ඉහත කී ඇමරිකානු ක්‍රිස්තියානි මිෂනාරිවරයෙකු වූ 26 හැවිරිදි ජෝන් චෞ මරා දමනු ලැබුවා. The Mission  නම්  වාර්තා චිත්‍රපටය හරහා 2023 දී මේ සිදුවීම සාකච්ඡා කරනු ලබනවා.

ඉන්දියානු ගවේෂණාත්මක පාර්ශවයන් සෙන්ටිනලීස් සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට අවස්ථා රැසක දී ම උත්සහ කළ අතර ප්‍රථම සාමකාමී සම්බන්ධතාව ඉන්දියාවේ මානව විද්‍යා සමීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන ට්‍රිලොක්නාත් පණ්ඩිත් සහ ඔහුගේ සගයන් විසින් 1991 ජනවාරි 4 දින සිදු කරන ලැබුවා. පණ්ඩිත් සහ ඔහුගේ සගයන්ට මිත්‍රශීලී සම්බන්ධතා පැවැත්වීමට සහ සෙන්ටිනලීස්වරුන්ට පොල් සහ වෙනත් තෑගි දීමට හැකි වුණත් සෙන්ටිනලීස් භාෂාව අවබෝධ කර ගැනීමට හැකියාවක් ලැබුණෙ නෑ. අද වන විටත් ඔවුන්ගේ භාෂාව කිසිදු පර්යේෂකයකුට සොයා ගත නොහැකි නිසා ම ඔවුන් සමඟ සන්නිවේදනය ගොඩ නඟා ගැනීමට ද නොහැකි වී තියෙනවා.අවසානයේ දී   පණ්ඩිත් සහ ඔහුගේ සගයන්ටත් සෙන්ටිනලීස් විසින් අනතුරු ඇඟෙව්වා. ඒ නිසා ම 1997 සිට ඉන්දියානුවන් දිවයිනට පැමිණීම නතර කළා.

2004 දී සිදු වුණ ඉන්දියන් සාගර භූමිකම්පාවෙන් සහ සුනාමියෙන් පස්සේ සෙන්ටිනලීස් ජීවත් වනවාද යන්න සැක සහිත වුණා. නමුත්, භූමිකම්පාවෙන් දින තුනකට පස්සේ, ඉන්දියානු රජයේ හෙලිකොප්ටරයක් ​​විසින් දූපත්වාසීන් කිහිප දෙනෙකු නිරීක්ෂණය කරන ලද අතර, ඔවුන් හෙලිකොප්ටරයට වෙත ඊතල විදිමින් හෙල්ල සහ ගල් විසි කර තිබෙනවා.     

වර්ග කි.මී 60 ක කුඩා භූමි භාගයක විශාල අභිරහසක් සැඟව පවතින බව දැන් අපට නොරහසක්.  සාමාන්‍ය ලෝකය තාක්ෂණිකව කොතරම් ප්‍රගතියක් ලබා තිබුණ ද සෙන්ටිනල් දූපත සැටලයිට් තාක්ෂණය හරහා හෝ නිරීක්ෂණය කිරීමට නොහැකි මට්ටමක ඝන වන වැස්මක් පැවතීම ද මෙයට එක හේතුවක්. තොරතුරු යුගයක් පසු කරන 21 වන සියවස තුළ තව ම ගල් යුගයේ ජීවත් වන ගෝත්‍රයක් සිටීම ම පුදුමයක්. හොඳම පුදුමය නම් මොවුන් ගින්දර සොයා ගනු ලබන්නේ 2022 වර්ෂයේ වීමයි. ඉතා සෙමින් පරිණාමය වෙමින් පවතින ගෝත්‍රික ප්‍රජාවක් සහිත සෙන්ටිනල් දූපතට අඩිය තියන්න අපට අවස්ථාවක් ආවොත් , එය කාල යන්ත්‍රයක් හරහා ආදි මානවයා වෙත ගමන් කළා මෙන් විය හැකියි. කෙසේ වෙතත් සෙන්ටිනල් දූපතේ අනන්‍යතාව සුරක්ෂිත කිරීම ඉන්දියන් රජයට වගේ ම සමස්ත මානව ප්‍රජාවටම පවතින වගකීමක් !

මේ විදියට අපි දන්න, හැබැයි නොදන්න දේවල් ගොඩක් තියෙන අරුම පුදුම දේවල් ගැන දැනගන්න Day2Day ලෝක දැනුම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.

TAGGED:Loka Danuma
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?