By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මහ මැතිවරණයට අදාල පෙත්සම 4වැනිදාට කල්යයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මහ මැතිවරණයට අදාල පෙත්සම 4වැනිදාට කල්යයි.
දේශපාලනදේශීය

මහ මැතිවරණයට අදාල පෙත්සම 4වැනිදාට කල්යයි.

Last updated: October 24, 2024 4:38 pm
2 Min Read
Share

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම සලකාබැලීම නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් මේ මස 28 වැනිදාට පෙර ගොනු කරන ලෙස විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

විරෝධතා ඇත්නම් නොවැම්බර් 1 වැනිදාට පෙර ගොනු කළ යුතුයි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙන්ම “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වැනි වගන්තියට අනුව නාමයෝජනා කැඳවීමේ දිනය ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා නියම කර ඇති බව පෙත්සම්කරු කියා සිටී.

මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ දින සිට සති පහකට නොඅඩු සහ සති හතකට නොවැඩි කාලයක් තුළ ඡන්ද විමසීම සඳහා දින නියම කළ යුතුය.

ඒ අනුව නාමයෝජනා භාරගැනීම අවසන් වූ ඔක්තෝබර් 11 වැනිදා සිට සති පහක කාලය නොවැම්බර් 15 වැනිදායින් අවසන් වන අතර සති හතක කාලය නොවැම්බර් 29 වැනිදා අවසන් වන බව පෙත්සමෙහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, පෙත්සම්කරු පෙන්වා දෙන්නේ දැනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත නොවැම්බර් මස 14 වනදා නීත්‍යානුකූල කාලසීමාවට ඇතුළත් කර නොමැති බැවින් එදින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නීතියට පටහැනි බවයි.

TAGGED:general election
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?