නිල්වලා ගං ද්‍රෝණියේ ඉහළ සහ මැද ප්‍රදේශවල ස්ථාන කිහිපයකට අද (24) උදෑසන සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
මේ හේතුවෙන් නිල්වලා ගං ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී තිබේ.
මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පානදුගම ජල මාපකයේ සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි.
අද (24) දිනයේදී සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් මෙම තත්ත්වය තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව මගින් නිල්වලා ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව පගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකිය.
එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන වාහනවල රියදුරන්ගෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.