අද (23) අලුයම ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රිය අංගනයට දේපළ සොරකම් කිරීමට ඇතුළු වූ පස් දෙනෙකු එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කර ඇති අතර, එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරියා සැකකරුවන්ට වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් එක් සැකකරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අනෙක් සැකකරුවන්ද පලාගොස් ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හෙනාන් ඩේවිඩ් කාටර් නමැති 39 හැවිරිදි සැකකරු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරුවන්ගෙන් තුවාල ලැබූ 58 හැවිරිදි ආරක්ෂක නිලධාරි මුරුතමලාගේ අජිත් ප්‍රසන්න ද ප්‍රතිකාර ලබනවා. එකම රෝහලේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.