හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.
ඒ, හිල්ටන් හෝටලයේ රථගාලේ තිබී පසුගියදා BMW මෝටර් රථයක් හමුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළවයි.
ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට තමන් සූදානම් බවයි.
ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.