ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.
ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ පිටත්කර යවා ඇති බවද වාර්තා වේ.
ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.
නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවේ කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් සිදු වූ බවට බුද්ධි අංශ වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බවත්ය.