දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
කහවත්ත, වෙන්නප්පුව සහ තිරුක්කෝවිල් යන පොලිස් වසම්වලදී ඊයේ (21) මෙම රිය අනතුරු සිදුව තිබේ.
වැල්ලදුර – පැල්මඩුල්ල – නෝනාගම මාර්ගයේ වැල්ලදුර ප්රදේශයේ දී වැසි සහිත කාලගුණයත් සමඟ යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ බලංගොඩ, සඳුංගම ප්රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මේ අතර, කොළඹ හලවත මාර්ගයේ කොලින්ජාඩිය ප්රදේශයේදී ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මියගොස් ඇත්තේ වෙන්නප්පුව, පෙරේරා මාවත ප්රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.
අක්කරපත්තුව – පොතුවිල් මාර්ගයේ තඹත්ත පෙරිය ප්රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් තවත් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු සමඟ අක්කරපත්තුව සිට පොතුවිල් දෙසට ධාවනය වෙමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදී ගිය යතුරුපැදිකරු කුඩ්තුවරම් පාලමේ ආරක්ෂිත වැටේ ගැටී ඇත.
අනතුරින් පසු යතුරුපැදිකරු සහ පසුපස යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ විනයාගපුරම් 03 ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.