ගම්පහ සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (22) දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් වත්තල, මාබෝල, ජාල, කටුනායක, සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජාල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අඩාල වී තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අදාළ නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර හැකි ඉක්මනින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.