කැනඩාවේ සේවය කරමින් සිටි යාපනය මයිලිට්ටි ප්රදේශයේ තරුණයෙකු ඊයේ (21) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්රාන්තයේ මාර්කාම් ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පංචලිංගම් පාර්තිපන් වෙඩි තබා ඇත.
ඔහු පදිංචි නිවස ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුට වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.
සිද්ධිය පිළිබඳව දැනුම් දීමෙන් පසු පොලිසිය පැමිණ ඔහු රෝහලට රැගෙන යාමට උත්සාහ කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
කැනඩාවේ ඔන්ටාරියෝ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.