හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී පසුගියදා සොයාගත් BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්දයෙන් සිදු කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් හෙට (23) දින තමන් අපරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට සුදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තමාගේ නීතිඥවරයාගේ මාර්ගයෙන් අභියාචනාධිකරණයට අද (22) දැනුම් දුන්නේය.
මෙම සිද්දියට සම්බන්දයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ තමන් හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන කොට්ඨාශයට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි.
ඉන් අනතුරුව පෙත්සම ලබන 25 වැනිදා කැඳවීමට නියම වුණි.