වෛද්‍යවරියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී මුදල් සහ රත්‍රං කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු තලංගම අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම පොලිසියට පසුගිය 19 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනාගෙන ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන 43 හැවිරිදි වෛද්‍යවරයෙකි.
සැකකරුවන් අවුරුදු 23 සහ 45 යන වයස්වල පසුවන්නන්.
ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
45 හැවිරිදි සැකකරු නිවසින් පිටත රැඳී සිටි අතර අනෙක් සැකකරු නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී වෛද්‍යවරයාගේ බෙල්ලට පිහියක් තබා ඇයගේ රන් මාලය ඇතුළු රන් භාණ්ඩ සොරාගෙන පලා ගොස් ඇත.
සොරාගත් රන්වල මුළු වටිනාකම ලක්ෂ හතකට ආසන්න බව පැවසේ.
සිද්ධිය සිදුවන අවස්ථාවේ අසල්වැසියෙකු විසින් සිද්ධිය පටිගත කර ඇති අතර වීඩියෝ දර්ශන සහ CCTV දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ (20) සහ අද (21) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.