පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙවන වාර්තාව ඔක්තෝම්බර් 28 වනදා නිකුත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව හෙළි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු අද පාස්කු ඉරිදා ප්‍රහාරයේ පළමු කමිටු වාර්තාව නිකුත් කළ අතර, එය චැනල් 4 නාලිකාව සිදුකළ වීඩියෝව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා 25ක සත්‍ය අසත්‍ය විමර්ශන වාර්තාවයි.
අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය හෝ බුද්ධි අංශ විසින් සිදුකරන විමර්ශනවල අතපසුවීමක් හෝ වරදක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශන වාර්තාව ඔහු විසින් නිකුත් කරන ලදී.