ආන්දෝලනයට ලක් වූ හලාවත, සිංහපුර ප්‍රදේශයේ අබිරහස් ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
පියා විසින් සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර පසුව ගිනි තබාගෙන ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.
හලවත, සිංහපුර ප්‍රදේශයේ ගිනිගනිමින් තිබූ දෙමහල් නිවසක් තුල තිබී පිරිමි මළ සිරුරක් සහ කාන්තා මළ සිරුරු දෙකක් ඊයේ පෙරවරුවේ පොලීසිය සොයා ගත්තා.
නිවසේ පහත මහලේ කාමරයක් මත තිබී ගෙළ සිඳී ගිය කාන්තා මළ සිරුරක් හමු වූ අතර ආලින්දයේ තිබී පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් පොලිසිය සොයා ගත්තා.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 51 හැවිරිදි පියා, 44 හැවිරිදි මව සහ 15 හැවිරිදි දියණිය මෙලෙස මියගොස් ඇති බවයි.
ගෙල කපාගෙන මිය ගිය කාන්තාව හලවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ නිලධාරිනියක් බවත් පිළිස්සීමෙන් මියගිය පුද්ගලයා ඉඩම් බෙදීමේ ව්‍යාපාරයක නිරතව සිටින අයෙකු බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු කිහිපයක් හරහා පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
ඒ අනුව පිළිස්සීමෙන් පසු මියගිය පුද්ගලයා සිය බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
උපකාරක පන්තියකට සහභාගි වෙමින් සිටි දියණිය නිවසට පැමිණීමෙන් පසු ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
දැනට ලැබී ඇති සාක්ෂි මත විමර්ශන නිලධාරීන් තහවුරු කරගෙන ඇත්තේ, දියණියගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තබා පසුව එම පුද්ගලයා ද ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි.
ඔහුගේ බිරිදට අයත් ඉඩමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් පැවති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු සිය දියණිය සහ බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්විය යුතු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මළ සිරුරු තුනේ පශ්චාත් මරණ පරීක්ෂණය හලවත මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.