හලවත, සිංහපුර ප්රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
ඊයේ (19) රාත්රී නිවසේ ඇති වු ගින්නකින් ඔවුන් මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
ගින්න නිවා දැමීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් නිවසේ තිබී පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති අතර, මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි පියා, 44 හැවිරිදි මව සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය බවට හඳුනාගෙන තිබේ.
නිදන කාමරයේ ඇඳ මත මවගේ සිරුර සොයාගෙන ඇති අතර ඇයගේ ගෙල කපා තිබූ බව පොලිසිය පවසයි.
එමෙන්ම නිවසේ සාලයේ තිබී පියාගේ සහ දියණියගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙය ඝාතනයක්ද ගිනි තැබීමක්ද යන්න සෙවීමට හලවත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.