කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වැලිවේරිය, අඹරළුව දකුණ ප්‍රදේශයේදී 58 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පළා ගිය දෙවන සැකකරු මායා වන අතර, ඇය ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කළු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බව වැලිවේරිය පොලිසිය පවසයි.