By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මල්වතු හිරිපිටියම භීතියට පත් කළ කොල්ලකරුවන් අල්ලයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > මල්වතු හිරිපිටියම භීතියට පත් කළ කොල්ලකරුවන් අල්ලයි
දේශපාලනදේශීය

මල්වතු හිරිපිටියම භීතියට පත් කළ කොල්ලකරුවන් අල්ලයි

Last updated: October 18, 2024 3:56 pm
1 Min Read
Share

ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර සිදුකරමින් නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කරන සොරුන් දෙදෙනා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

සැකකරුවන් වයෝවෘද්ධ කාන්තාවක් ද දූෂණය කර ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

කාන්තාවන්ට අතවර කරන සහ නිවෙස්වලින් භාණ්ඩ සොරකම් කරන සොරුන් කණ්ඩායමක් දොම්පේ, වැලිවේරිය සහ මල්වතු හිරිපිටිය අවට සැරිසරන බව පසුගිය සෙනසුරාදා (12) අද දෙරණ අනාවරණය කළේය.

ඒ අනුව පුළුල් විමර්ශනයක් සිදුකළ මල්වතුහිරිපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින 6ක නිදි වර්ජන මෙහෙයුමකින් පසු 16 වැනිදා අලුයම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාළු නිවසක් කොල්ලකා පලා යමින් සිටියදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා,

“මේ සඳහා ඔවුන් තෝරාගන්නා නිවෙස් තමයි එක පිරිමි පුද්ගලයෙක් පමණක් ඉන්න නිවෙස්. ඒ වගේම තමයි ලොකු ඉඩමක තනි ගෙයක් විදිහට තියෙන නිවෙස් තමයි ඔවුන් තෝරාගන්නේ. මෙහිදී විශේෂත්වය තමයි ඔවුන් නිවැසියන්ගේ ඇඳුම් ඉවත් කිරීමට නැතහොත් ඉරා දැමීමට කටයුතු කරනවා. ඉන් පසුව මේ නිවැසියන් ඉදිරිපිටම මොවුන් කාන්තාවන් දූෂණය කිරීම සිදුකරනවා.

වැලිවේරිය සහ කිරිඳිවැල කියන පොලිස් වසම්වල විතරක් නෙමෙයි මීට අමතරව කිරිඇල්ල සහ ඇහැලියගොඩ පොලිස්වසම්වලත් ඔවුන් මේ ආකාරයටම, මේ රටාවටම සිදුවෙච්ච අපරාධයන් සම්බන්ධව වාර්තා වෙලා තියනවා.”

TAGGED:ArrestedCriminals
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?