By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පෞද්ගලික ආරක්ෂාවට දුන් ගිනි අවි නැවත ලබා ගැනීමට එරෙහිව පෙත්සමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > පෞද්ගලික ආරක්ෂාවට දුන් ගිනි අවි නැවත ලබා ගැනීමට එරෙහිව පෙත්සමක්
දේශපාලනදේශීය

පෞද්ගලික ආරක්ෂාවට දුන් ගිනි අවි නැවත ලබා ගැනීමට එරෙහිව පෙත්සමක්

Last updated: October 18, 2024 4:38 pm
2 Min Read
Share

ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Avenra Hotel Group හි ප්‍රධාන විධායක නිලධාරී එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදී.

මෙම වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ.

නීතීඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවලදී තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි.

අරගලයේදී තම හෝටල්වලට අලාභහානි සිදු වූ බවත් ඒ හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණා.

මෙම තත්ත්වය තුළ බලපත්‍රය යටතේ නිකුත් කර ඇති ගිනි අවි නැවත ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පසුගිය 07 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇති බව දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු පවසයි.

මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු ලෙස තමාට බරපතල තර්ජනයක් මතුව ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇතත් ඉන් පලක් වී නොමැති බව සඳහන් කර ඇත.

ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීරණයක් නිකුත් කරන තුරු එම නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

TAGGED:GunsPersonal Guns
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?