මඩකලපුව සහ කොළඹ කොටුව අතර ධාවනය වන සියලු දුම්රිය ගමන්වාර අද (17) දිනයේ දී අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුර හේතුවෙන් මෙම ගමන් වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මින්නේරිය සහ හිගුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ඉන්ධන ටැංකි හතරක ගැටී ඉන් දෙකක් පෙරළී ගොස් තිබෙනවා.