2024 පාර්ලිමේන්තු මැතිවරණයට දිස්ත්‍රික් මට්ටමින් තරග කරන අපේක්ෂකයන්ගේ වියදම් සීමාව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ගැසට් පත්‍රයට අනුව වැඩිම මුදලක් වැය කරන දිස්ත්‍රික්කය කොළඹයි එය රුපියල් 114කි.
අපේක්ෂකයෙකුට රුපියල් 82ක් වියදම් කළ හැකි අඩුම දිස්ත්‍රික්කය වන්නි දිස්ත්‍රික්කයයි.
එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ජනගහන, ජන ඝනත්වය සහ භූමි ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් අදාළ ගණනය කිරීම් සිදු කර ඇත.
ඒ අනුව අපේක්ෂකයෙකුට තමන් තරඟ කරන දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇති මුළු උපරිම වියදම් සීමාවෙන් සියයට 60ක් වැය කළ හැකි බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.
ඉතිරි සියයට 39.5 අපේක්ෂකයාගේ පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි අතර ජාතික ලැයිස්තු අපේක්ෂකයකුට දිස්ත්‍රික්කයක් වෙනුවෙන් වැය කළ හැක්කේ සියයට 0.5ක් පමණි.
එසේම, මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළු වියදම් වාර්තාව පක්ෂ ලේකම්, ස්වාධීන කණ්ඩායම් නායකයා සහ අපේක්ෂකයා විසින් අත්සන් කර, දිවුරුම් කොමසාරිස් හෝ සාම විනිසුරු විසින් සහතික කර, ප්‍රකාශ කිරීමෙන් දින විසි එකක් (21) ඇතුළත මැතිවරණ කොමිසම වෙත භාර දිය යුතුය.



