ආරක්ෂක අමාත්‍යංශය විසින් පෞද්ගලික ආරක්ෂාව සඳහා පුද්ගලයින් වෙත බලපත්‍ර මත නිකුත් කර තිබෙන ගිනිඅවි ආපසු භාර දෙන ලෙස පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Avenra Hotel Group හි ප්‍රධාන විධායක නිලධාරී එච්.ඩී. නවින්තක ද සිල්වා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කරන ලදී.
මෙම වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ සහ වැඩබලන පොලිස්පතිවරයා නම් කර තිබේ.
නීතීඥ සනත් විජයවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් පෙත්සම්කරු කියා සිටින්නේ 2012 හෝ 2013 වසරවලදී තමන්ට එල්ල වූ බරපතළ තර්ජන හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ බලපත්‍රයක් යටතේ ගිනි අවි ලබාගත් බවයි.
අරගලයේදී තම හෝටල්වලට අලාභහානි සිදු වූ බවත් ඒ හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත් ඔහු සිය පෙත්සමේ සඳහන් කර තිබුණා.
මෙම තත්ත්වය තුළ බලපත්‍රය යටතේ නිකුත් කර ඇති ගිනි අවි නැවත ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම්වරයා පසුගිය 07 වැනිදා නිවේදනයක් නිකුත් කර ඇති බව දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරු පවසයි.
මෙම තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයෙකු ලෙස තමාට බරපතල තර්ජනයක් මතුව ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇතත් ඉන් පලක් වී නොමැති බව සඳහන් කර ඇත.
ඒ අනුව ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කර අවසන් තීරණයක් නිකුත් කරන තුරු එම නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.