හලාවත – කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්රදේශයේ දී අද (16) උදෑසන මාර්ගයට ඇද වැටුණු කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
ප්රදේශවාසීන් විසින් අදාළ කාන්තාව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම කාන්තාව මුගුණුවටවන ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්.
මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ සමීපතම ඥාතියෙකු සහ එම අවස්ථාවේ මාර්ගයේ මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.