තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ.
අද (16) උදෑසන 8.00ට නිකුත්කළ එම නිවේදනය හෙට (17) උදෑසන 8.00 දක්වා වලංගුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් ලෙස වර්ධනය වී බටහිර වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළට ළඟා වනු ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස උතුරු අක්ෂාංශ 07 සහ 16 සහ නැගෙනහිර දේශාංශ 81 සහ 90 අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර, තද වැසි සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
හලාවත සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතිනවා.
මේ හේතුවෙන් හලවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.