ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණීමේ සැලසුම අත්හැරීමට ශ්‍රී ලංකාවේ නව රජය තීරණය කර ඇති බව සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා උපුටා දක්වමින් TTG Asia වෙබ් අඩවිය වාර්තා කරයි.
සමාගම වඩාත් ලාභදායී ගුවන් සමාගමක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරන බව ගනේගොඩ මහතා පැවසූ බව එහි සඳහන් වේ.
පසුගිය රජය ශ්‍රී ලංකන් ගුවන් සමාගම වසර ගණනාවක් පාඩු ලබමින් සිටි බැවින් එය අත්පත් කර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ලංසු කැඳවා තිබුණි.
එම සැලැස්ම යටතේ ගුවන් සමාගමේ කොටස්වලින් 51%ක් රජය සතු වන අතර ඉතිරි 49% ආයෝජකයන්ට විකිණීමට නියමිතව තිබුණි.
ඒ සඳහා පාර්ශ්ව 6ක් කැමැත්ත පළ කර තිබුණත් ඒ කිසිවකු ක්රමයේ මීළඟ පියවරට සුදුසුකම් ලබා තිබුණේ නැත.
මේ අතර, 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා කාලය තුළ මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමත් විය.
එහි සමුච්චිත ණය ඩොලර් බිලියන 1.2 ක් ලෙස සැලකේ.
ගනේගොඩ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා ඉතා වැදගත් සාධකයක් බවයි.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් 50%ක් පමණ පැමිණෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මගිනි.
2024 වසර සඳහා සංචාරකයින් මිලියන 2.3ක් ඉලක්ක කර ගෙන සිටින ශ්‍රී ලංකාව, 2030 වන විට එම සංඛ්‍යාව මිලියන 3 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.