රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගත් නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මඩකලපුව – චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි කොමිසම සඳහන් කළේ.
මඩකලපුව සතුරුකොන්ඩාල් ප්‍රදේශයේ පර්චස් 65ක ඉඩමක් රුපියල් කෝටියකට මිලදී ගැනීමෙන් පසු එහි මුද්දර ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 6ක් ගෙවූ පසු එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි දෙකයි ලක්ෂ 65 ක් බව යළිත් පළාත් ආදායම් කාර්යාලය මඟින් දන්වා තිබේ.
ඒ අනුව, දඩ මුදලක් සමඟ රජයේ ගාස්තුව රුපියල් 850,000ක් ගෙවිය යුතු බව පවසා එම මුදල ලක්ෂ දෙකක් දක්වා අඩු කිරීම සඳහා ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය.
අදාළ මුදල මඩකලපුව නැගෙනහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේදී ලබාගන්නා අවස්ථාවේදී එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.