ඇනවුම් කර ඇති නව විදේශ ගමන් බලපත්‍ර තොගය ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදා හැරීමට කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (15) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එමෙන්ම විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් අධිකරණයේ වාරණ නියෝගයක් පවතින බවත්, ඊට අදාළව කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
අධිකරණ නියෝගය අවසන් වූ පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් මේ වනවිට ඇනවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර 750,000 ඉදිරියේ දී අවසන් වීමත් සමග නැවතත් පාස්පෝට් අර්බුදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සාමාන්‍ය පාස්පෝට් ලබාදීමට අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට ගොස් ටෙන්ඩර් පටිපාටියක් අනුව තවත් පාස්පෝට් ප්‍රමාණයක් ගෙන්වීමට පසුගිය 11 වනදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කළ බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.