දකුණ – කළුතර සිට මරදාන දක්වා අද (15) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ ශීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ ගින්නක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වූ බවයි පාලක මැදිරිය සඳහන් කළේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ගින්න පාලනය කර ඇති අතර මේ වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.
කෙසේ වෙතත් අදාළ දුම්රිය අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත්තා.