ලෝක දැනුම Article – 1
මං ඔබෙන් ඇහුවොත් ෆෝන් එක නැතුව ඔබට කාලය ගත කරන්න පුළුවන්ද කියල, ඇත්තටම පුළුවන්ද ?
කරන්න ඕනේ උනත් මේ විසි එක්වෙනි සියවස ඇතුලේ ඒක ටිකක් අමාරු වැඩක්. සන්නිවේදනයට, තොරතුරු දැනගන්න, ඔබේ වැදගත් දේවල් ගබඩා කරලා තියාගන්න, මේ හැමදේකටම අපි ජංගම දුරකථනය භාවිතා කරනවා. මේ දැනුත් ෆෝන් එක ඔයාගේ අතේ නේද?

දැනුම විනෝදය මුදල් මේ සියල්ල ඔබට ගෙනත් දෙන YouTube ගැනයි අද කතා කරන්න යන්නේ
YouTube නිර්මාණය වෙන්නේ 2005 පෙබරවාරි වලදි. ඒ PayPal සමාගමේ සේවකයෝ වෙච්ච Steve Chen, Chad Hurley, සහ Jawed Karim අතින්.



2005 නොවැම්බර් මාසයේදීම වීඩියෝ මුදාහරිනට හැකි, වීඩියෝ නරඹන්න පුළුවන් මාධ්‍යයක් විදිහට YouTube ලෝකයා අතරට යනවා. 2006 වෙනකොටම නැරඹුම් වාර මිලියන සීයක් පහු කරන්නත් YouTube එකට හැකි වෙනවා.
2023 වෙනකොට නම් YouTube සතියක සක්‍රීය පරිශීලකයින් ප්‍රමාණය බිලියන දෙකයි දශම පහක්. පේනවනේ යූටියුබ් කියන්නේ එසේ මෙසේ තැනක් නෙවෙයි ලෝකෙ ඇතුලේ බහුලවම භාවිතා වෙන මාධ්‍යයක්. එක දවසකට පරිශීලකයින් පැය බිලියන එකකට වඩා වැඩි වෙලාවක් යූටියුබ් එක්ක ගත කරනවා
දැන් YouTube කියන්නේ නිකං වීඩියෝ දාන වීඩියෝ බලන තැනක් විතරක් නෙවෙයි.
YouTube කියන්නේ සල්ලි උල්පතක්. ඉස්සර රූපවාහිනි ගුවන්විදුලි සමග වෙළඳ ප්‍රචාරක වැඩසටහන් කරපු බහුතරයක් සමාගම් මේ වෙනකොට යූටියුබ් වෙනුවෙන් මුදල් වෙන් කරනවා කියලයි ලෝකෙ වටෙන්ම ආරංචි වෙන්නේ.
මේ නිසාම ලෝකෙ වටේම මිලියන හැට එකයි දශම අටක් Content Creators ලා දැන් යූටියුබ් එක්ක එකතු වෙලා ඉන්නවා
- මිලියන 317 ඉන්න MrBeast : Visit channel
- මිලියන 276 ඉන්න T-Series : Visit channel
- මිලියන 184 ඉන්න Cocomelon – Nursery Rhymes : Visit channel
- මිලියන 178 ඉන්න SET India : Visit channel
- මිලියන 126 ඉන්න ✿ Kids Diana Show : Visit channel
ඉහතින් දැක්වෙන්නේ ලෝකෙ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ගානක් ඉන්න YouTube Channels. ලෝකෙ වගේම ලංකාව ඇතුලේ ජනප්‍රිය වගේම දක්ෂ යූටියුබර්ස්ලා ගණනාවක් ඉන්නවා
- Wild Cookbook : Visit channel
- Vini Productions – විනී : Visit channel
- Apé Amma : Visit channel
- Chanux Bro : Visit channel
- The Rustic Kitchen & Tranquil Village : Visit channel
විනෝදාස්වාදය, ක්‍රීඩාව, නව නිපැයුම්, තාක්ෂණ දැනුම, ඉහුම් පිහුම්, එකී නොකී වර්ගයේ වීඩියෝ බිලියන හතරක් මේ වෙනකොට YouTube එකේ තියෙනවා. ඒ බිලියන හතර අතරින්ම 2016 දී එළියට දාපු Baby Shark Dance කියන වීඩියෝ එකට තමයි ලෝකයෙන්ම වැඩිම VIEWS ප්‍රමාණයක් තියෙන්නේ.
Baby Shark Dance
කොච්චරද කියනවනම් බිලියන පහළොවයි දශම බිංදුවයි තුනක් ඒ වීඩියෝ එක බලලා තියෙනවා.
YouTube කියන්නේ එකම විදියකට එක තැනක තියෙන දෙයක් නෙවෙයි කාලෙන් කාලෙට එක එක විදියට අලුත් වෙන තැනක්.
එක එක කාලෙට අලුත් අලුත් TRENDS එන, එක එක කාලෙට අපිව විවිධ විදියට රඳවා තියාගන්න, අපි කාලය ගත කරන්න තෝරගෙන තියෙන YouTube කියන්නේ විනෝදය දැනුම සල්ලි මේ හැම දෙයක්ම එකතු වෙච්ච හරි පුදුම තැනක්.
මේ විදියට අපි දන්න, හැබැයි නොදන්න දේවල් ගොඩක් තියෙන අරුම පුදුම දේවල් ගැන දැනගන්න Day2DAY ලෝක දැනුම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.