ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසේ ඉහළ මහලෙන් වැටී අවාසනාවන්ත ලෙස මියගිය තරුණියක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස සේවය කරන ඇය බත්තරමුල්ල ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටියි.
මෙම නවාතැනේ ඇය සමඟ තවත් මිතුරියක් නවාතැන් ගෙන සිට ඇති අතර සුපුරුදු පරිදි මෙම තරුණිය වැඩ නිමවා නවාතැනට පැමිණ ඇති බව සඳහන්.
දැරියගේ මිතුරිය නානකාමරයේ සිටින විට දැරිය මුළුතැන්ගෙයි රාත්‍රී ආහාරය සූදානම් කරමින් සිටි අතර එක්වරම නානකාමරයේ සිටි තරුණියට ඇයගේ කෑගැසීම ඇසී ඇති බවයි වාර්තා වන්නේ.
යෙහෙළිය වහා පැමිණි විට තම මිතුරිය බිම වැටී ඇති අයුරු ඇය දුටුවාය.
ඇය වහා කොළඹ රෝහලට ඇතුළත් කර ඇතත් දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටියද අවාසනාවන්ත ලෙස ඇය මිය ගියාය.