හිස්බුල්ලා සටන්කාමීන් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගොස් 60 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් හමුදා සෙබළුන් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
විදෙස් වාර්තා සඳහන් කළේ හයිෆා නගරයට දකුණින් සැතපුම් 20ක් (කිලෝමීටර් 33ක්) පමණ දුරින් පිහිටි කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයේ වගකීම හිස්බුල්ලා සංවිධානය විසින් භාරගෙන ඇති බව වාර්තා පෙන්වා දෙයි.
දකුණු ලෙබනනයේ සහ බීරූට්හි ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සටන්කාමීන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
තුවාල ලැබූවන් හෙලිකොප්ටර් මගින් උතුරු ඊශ්‍රායලයේ රෝහල් වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.