බඩල්ගම, දිවුලපිටිය ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ කර්මාන්ත ශාලාවේ බොයිලේරුවක් පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකු තුවාල ලබා අකරගම සහ දිවුලපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
මියගොස් ඇත්තේ ගිරිඋල්ල ප්රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.