ලබන 26 වැනිදා ආරම්භ වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (14) සිදුකෙරේ.
දිවයිනේ දැනට පවතින ආපදා තත්ත්වය තැපැල් ඡන්ද සලකුණු කිරීමට බාධාවක් නොවන බව ගාල්ල මැතිවරණ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.
තැපැල් ඡන්ද සලකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576ක් බවද ඒ මහතා පැවසීය.
අද දිනයේ ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූවන්ට ලබන 18 වනදා අවස්ථාව ලබාදෙන බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කර තිබුණා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණද නාමයෝජනා භාරදී තිබුණේ පිළිගත් දේශපාලන පක්ෂ අටක් සහ ස්වාධීන කණ්ඩායමක් පමණි.
26 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා සිදුකෙරේ.