අයහපත් කාලගුණය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සදහන් කළේ, කඩුවෙළ, කොළොන්නාව සහ වත්තල යන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙටදින වසා තැබෙන බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ජලගැලීම් හමුවේ බස්නාහිර පළාතේ පාසල් වසා දැමීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.