ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැත්විණි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවති බවයි.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව පුළුල් සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී අදහස් දැක්වූ සමන්තා පවර් මහත්මිය පවසා ඇත්තේ රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර සමානකමක් පවතින බවයි.
ජනතා සුබසාධනය වෙනුවෙන් සිදුකරන වැඩකටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බව සමන්තා පවාර් මහත්මිය ජනාධිපතිවරයාට පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමට කැපවන බව සමන්තා පවර් මහත්මිය මෙහිදී පවසා තිබේ.