අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය මහජනතාවට විවෘත කර තිබෙනවා.
කොළඹ මහ නගර සභාව විසින් මාර්ගය දෙපස ආරක්‍ෂිත කුටි ඊයේ (11) ඉවත් කරන ලදී.
ආරක්ෂක හේතූන් මත 2005 වසරේ සිට වසර 19ක් මෙම මාර්ගය වසා දමා තිබුණා.
දීර්ඝ කාලයක සිට ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය පවතින ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කර යළි විවෘත කිරීමට නව රජය උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම තීරණය නිසා අවට ප්‍රදේශවල රථවාහන ගමනාගමනයට සහන සැලසෙන අතර මහජනතාවට වඩාත් පහසුවක් සැලසෙන බවද පැවසේ.