කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ උතුවන්කන්ද වලකඩයාය ප්‍රදේශයේදී අද (11) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.
ලංගම බස් රථ 2ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
මෙම අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පානදුර සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් සහ කෑගල්ල සිට මාවනැල්ල බලා ධාවනය වූ බස් රථ දෙකකි.