පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැතිඇමතිවරු බොහොමයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව මේ වනවිට නිල වශයෙන් නිවේදනය කර තිබේ. පහත ඇත්තේ එවන් වාර්තාවූ නාම බහුතරයකි.
ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කරමින් ඊයේ සඳහන් කළේ, එම පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස හෝ සන්ධානගතව හෝ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයයේදී තරග නොකරන බවය.
හිටපු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පැවසීය.
ඉකුත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ.
පැවැති ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ශෙහාන් සේමසිංහ මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, තමන් එළැඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවය.
සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව ෆේස්බුක් සටහනක් මගින් පවසා තිබුණි.
ඉකුත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවේ. ඔහුගේ දියණිය වන චමින්ද්‍රානී බණ්ඩාර කිරිඇල්ල මෙවර මහ මැතිවරණයට සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට තරග නොකර, ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වන බව ආරංචිමාර්ග සඳහන් කරයි.
සමගි ජන සන්ධානයෙන් ඉවත්වීමටත්, මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද තීරණය කර තිබේ.
පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග මහතා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරන බව තහවුරු කර තිබේ.
පසුගිය ආණ්ඩුවේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.
අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අද (11) සඳහන් කළේය.
එක්සත් ජතික පක්ෂයේ උපලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මෙවර මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.