දිවයින වටා වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ ඇස්වත්ත හන්දියේ සිට හිගුරල හන්දිය දක්වා කොටස ජලයෙන් යටවී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
මේ අතර කඩුවෙල වැලි බෝධිය අසලදී පුද්ගලයෙකු ඇළකට වැටී අතුරුදන් වී ඇත.
නවගමුව පොලිසිය ඔහු සෙවීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ හොරණ ප්‍රදේශයටයි.
එය මි.මී. 239 මීට අමතරව ඇල්පිටිය, බුලත්සිංහල, මතුගම, බැරල්ලාවිට, සිතාවක සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට මිලිමීටර් 180 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල සිට නානුඔය දක්වා ඝණ මීදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එම මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශමෙන් සහ සෙමින් ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බවුම් ප්‍රදේශවලට අද (11) පෙරවරුවේ සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ දෛනික ජන ජීවිතය ද අඩාල වී ඇත.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අවස්ථාවන් වල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ සිටියේ.