එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් ටී. කොහ්ලර් මහතා කොළඹ නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමුවිය.
ඔවුන්ගේ සාකච්ඡා අතරතුර, අද්මිරාල් කොහ්ලර් සහ වයිස් අද්මිරාල් පෙරේරා ඉන්දීය සාගර කලාපයේ ඉහළ යන ආරක්ෂක අභියෝග, ආපදා ප්‍රතිචාර පිළිබඳ සහයෝගිතාව වැඩි දියුණු කිරීම සහ ජාත්‍යන්තර තර්ජනවලට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට එක්සත් ජනපදයේ කැපවීම යලි තහවුරු කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළහ.
එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර වර්ධනය වන සහයෝගීතාවය සහ ඉන්දු පැසිෆික් කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.