ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා ප්‍රාන්තය ඇතුළු කලාපීය ප්‍රාන්ත රැසකට දැඩි හානි සිදු කළ ‘මිල්ටන්’ සුළි කුණාටුව අද වනවිට (11) බටහිර වෙරළ තීරයෙන් ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මේ වන විට ප්‍රාන්ත රජය මෙම සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි සඳහා වියදම් ගණන් කිරීම ආරම්භ කර ඇත.
ෆ්ලොරිඩා ප්‍රාන්ත රජය නිවේදනය කළේය; ඊයේ වන විට පැයට සැතපුම් 101 ක වේගයෙන් ප්‍රාන්තය හරහා හමා ගිය දැවැන්ත සුළි කුණාටුව හේතුවෙන් නිවාසවල වහල ගැලවී ගංවතුර තත්ත්වයක් ද ඇති වූ බවයි. ජල සම්පාදන හා විදුලිබල පද්ධතිය කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තයේ මිලියන 03කට ආසන්න ප්‍රජාවකට අත්‍යවශ්‍ය සේවා සැපයීමට පවා බාධා එල්ල වී තිබේ.
නමුත් දැන් මිල්ටන් පසු බසිමින් සිටින බැවින් ප්‍රාන්තයේ පදිංචිකරුවන් සහ ආරක්ෂක අංශ කඩා වැටුණු විදුලි රැහැන්, ගොඩනැගිලි ආදියේ සුන්බුන් ඉවත් කිරීම ආරම්භ කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මීට සති දෙකකට පමණ පෙර ෆ්ලොරිඩා ප්‍රාන්තයට හෙලන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල විය.
මිල්ටන් සුළි කුණාටුව හෙලන් සුළි කුණාටුව තරම් හානියක් නොවූවත්; සුන්බුන් ඉවත් කිරීමට අවම වශයෙන් සති දෙකක සිට මාසයක කාලයක් ගතවනු ඇතැයි පැවසේ.