ලබන සතියේ සිට සියලුම විශ්රාමිකයන්ට රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ඔක්තෝම්බර් මාසයේ විශ්රාම වැටුප දැනටමත් විශ්රාමිකයන්ගේ ගිණුමට යවා ඇති බැවින් ඔක්තෝම්බර් මාසය සඳහා වන රුපියල් 3000 දීමනාව ඉදිරි සතියේදී ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.
එමෙන්ම රුපියල් 3000 දීමනාව ලබන මාසයේ සිට විශ්රාම වැටුපට එක් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.