නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අදාළ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර රජය ගත් තීරණ අත්හිටුවන බව පවසමින්.
අමාත්‍ය විජිත හේරත් මහතා,
“නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය කාලයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීන්දු ගත්තා. නව රජයේ නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් අපි වෙන් කරනවා. ඒ්ක වෙන කාටවත් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ සියල්ල අපි අත්හිටුවනවා.”