ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණය අසල අතුරු මාර්ගයක ළිඳක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (08) දහවල් ඒ පිළිබඳව පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය.
මියගොස් ඇත්තේ 23 හැවිරිදි වැයිහේන මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය තරුණයා පෙරේදා ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ තැම්පත් කර ඇත.
ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.